Home
ගුරු නිවාසය විවෘත කිරීම
අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ අ/විලච්චිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ සාදා නිම කරන ලද දෙමහල් ගුරු නිවාසය 2019 සැප්තැම්බර් මස 11 වෙනි දින ගරු කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිතය. එම අවස්ථාවට විලච්චිය කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂතුමා, අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් සමූහයක් ද සහභාගිවීමට නියමිත ය.
ICT DAY 2018
අ/සිද්ධාර්ථ මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ හිෂ්‍ය සමාජය වාර්ෂිකව විවිධ කාර්යයන් සමූහයක් ඉටු කරනු ලබන අතර 2018 වර්ෂයේ තොරතුරු තාක්ෂණ දිනය පසුගිය ජූලි මස 5 වන දින උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.මෙහිදී තොරතුරු තාක්සණ ප්‍රදර්ශනයක් සහ ඊට අමතරව තොරතුරු තාක්ෂණ සඟරාවක් ද එළි දැක්විණි.
මෙම අවස්ථාවට අනුරාධපුර අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, අවට විදුහල්වල විදුහල්පතිවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි විය.